ජයග‍්‍රහණ සහ සම්මාන


CMA සම්මානය

ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ඒකාබද්ධ චින්තනය හා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පොදු සමාගම්, පෞද්ගලික හා රාජ්‍ය ව්‍යාපාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඇතුළු ශ‍්‍රී ලංකා ව්‍යාපාරික ආයතන ඇගයීමට ලක් කරයි.

Effie සම්මාන

Effie සම්මාන උළෙල ක්ෂේත‍්‍රයේ වඩාත් ගෞරවනීය සම්මාන උළෙලක් ලෙස පිළිගැනෙන අතර ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම හා වෙළඳ ප‍්‍රචාරණ ආයතන සමරනු ලබයි. වෙළෙඳ සන්නාමයක සාර්ථකත්වය උදෙසා දායක වන ඕනෑම ආකාරයක ඵලදායී අලෙවිකරණ ක‍්‍රමෝපායන් එහිදී පිළිගැනීමට ලක් කරයි. ඊට අමතරව, අලෙවිකරණ උපාය මාර්ගයන්ට අදාළ අවබෝධතා කරුණු Effie සම්මාන මගින් ඇගයීමට ලක් කරයි. 1968 දී නිව්යෝර්ක් ඇමරිකානු අලෙවිකරණ සංගමය විසින් දියත් කරන ලද Effie සම්මාන උළෙල වර්තමානයේදී සමාගම් හා පුද්ගලයින්ට අමතරව අලෙවිකරණ ක‍්‍රමෝපායන් පිළිබඳව ද අවබෝධයක් ලබා දෙයි.

SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙහි අලෙවිකරුවන්ගේ කැපී පෙනෙන උත්සාහයන් අගය කෙරෙනු ලැබේ. මෙම අවස්ථාව හරහා වෙළඳ නාමකරණයේ හොඳම ක‍්‍රමෝපායන් දිරිගැන්වීම පමණක් නොව, දේශීය වෙළඳ නාම ගෝලීය ප‍්‍රමිතීන්ට නැංවීම සහ රටේ සහ කලාපයේ අලෙවිකරණයේ ප‍්‍රතිරූපය වැඩි දියුණු කිරීමට උත්සාහ කෙරේ.

CA ශ‍්‍රී ලංකා වාර්ෂික වාර්තා සම්මාන උළෙල

ශ‍්‍රී ලංකාවේ වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කරන CA ශ‍්‍රී ලංකා වාර්ෂික වාර්තා සම්මාන උළෙල, වෙළෙඳ ආයතන හා සමාගම්වල ගිණුම් වාර්තාවල විනිවිදභාවය ඇති කිරීම හා කාර්යක්ෂමභාවය ඇති කිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් පාර්ශ්වකරුවන්ට අවශ්‍ය මූල්‍ය හා මූල්‍යමය නොවන අනාවරණයන් දිරිගැන්වීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලැබේ.

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA)

ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල ව්‍යාපාරික ව්‍යවසායන් ඇගයීමට ලක් කරන අතර එමඟින් ව්‍යාපාරයේ සියලූ අංශවල විශිෂ්ටත්වය පෙන්නුම් කරන අතරම රටේ ආර්ථික ප‍්‍රගතියට දායක වේ.


රක්ෂණ කර්මාන්ත සම්මාන (Insurance Industry Awards)