ප්‍රියශාන්ත සිරිවර්ධන
සාමාන්‍යාධිකාරී - ජීවිත අලෙවි
ප්‍රියශාන්ත සිරිවර්ධන මේ වන විට සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ජීවිත අලෙවි සාමාන්‍යාධිකාරී ලෙස හැව්ලොක් මධ්‍යම උපායමාර්ගික ව්‍යාපාර ඒකකයේ විකුණුම් හා බෙදාහැරීම් කළමනාකරණය පිළිබඳ වගකීම දරයි. සොෆ්ට්ලොජික් ලයිෆ් හා සම්බන්ධ වීමට පෙර ඔහු වසර 25 ක් AIA රක්ෂණ සමාගමේ සේවය කර ඇත. ඔහු 2001 දී CTC ඊගල් ඉන්ෂුවරන්ස් හි ප්‍රචාරකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. එම සමාගමේම වසර 25 ක සේවා කාලය තුළ ඔහු ජීවිත අලෙවි/සැලසුම් හා ව්‍යාපාර සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස උසස් විය. කීර්තිමත් සම්මාන කාණ්ඩ දෙකක් වන කළමනාකරණ අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ සම්මානය තෙවතාවක් සහ 2005 හොඳම කලාපීය කළමනාකරු ලෙස ”හෝල් ඔෆ් ෆෙම්” හි සාමාජිකත්වය ඇතුළු සම්මාන රාශියක් ලබා ගෙන ඇත. FALIA - ජපානය, අහමදාබාද් හි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ (IIM) මධ්‍ය කළමනාකරණ පාඨමාලාව, AVIVA නායකත්ව වැඩසටහන, නෙදර්ලන්තයේ සේවා අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව යනාදී වැඩසටහන් වලට ඔහු සහභාගී වී ඇති අතර ව්‍යාපාරික අරමුණු, සම්මාන සහ ත්‍යාග ගණනාවක් ලබා ගෙන ඇත. ඔහු එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර CIAM - LIMRA වෙතින් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, නෙදර්ලන්තයේ මාස්ටි්රච්ට් හි ව්‍යාපාරික පාසලින් සේවා අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය - අලෙවිකරණ ඩිප්ලෝමාව, කළමනාකරණ විශේෂ ආයතනය (එක්සත් රාජධානිය) - ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා ලබා ඇති අතර ඔහු ඉන්දියානු කළමනාකරණ ආයතනයේ - අහමදාබාද් සහ නෙදර්ලන්ත මාස්ටි්රච්ට් ව්‍යාපාරික පාසලේ ආදි ශිෂ්‍යයෙකි.