සාරාංශය

අප ගැන

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අසමසම ශක්තිය හා සහාය ඇතිව, අද වන විට අප ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ජීවිත රක්ෂණ සමාගමක් බවට පත්ව ඇත. අපගේ මව් සමාගම වන සොෆ්ට්ලොජික් යනු ශ‍්‍රී ලංකාවේ වඩාත් වේගයෙන් වර්ධනය වන හා කීර්තිමත් සමාගම් සමූහවලින් එකක් වන අතර, අපගේ හවුල්කාරීත්වය ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි රක්ෂණ වෙළඳ සන්නාමයක් නිර්මාණය කිරීම සඳහා පරිපූර්ණ උපායමාර්ගයක් වන බව අප විශ්වාස කරනවා. සොෆ්ට්ලොජික් සමූහය තොරතුරු හා සන්නිවේදන, සෞඛ්‍ය, පාරිභෝගික, මූල්‍ය සේවා, මෝටර් රථ සහ සංචාරක වැනි අංශ වෙත යොමුවීම මගින් අපගේ සන්නාමය තවදුරටත් පිළිගැනීමට ලක්ව තිබෙන අතර දිවයින පුරා සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ ජනප‍්‍රියතම ජීවිත රක්ෂණ සැපයුම්කරුවා බවට පත් වෙමින් ‘LIVE LIFE TODAY’ යන සමාගමේ පොරොන්දුව සැබවින්ම ජනතාව අතරට ගෙන යාමට අපට හැකිව තිබෙනවා.

අප කරන්නේ මොනවාද?

අප ජීවිත රැකවරණ ක්ෂේත‍්‍රයේ නියැලෙන්නෝ වෙමු. ශ‍්‍රී ලාංකික තරුණ හා මහලූ ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අප ගන්නා ප‍්‍රයත්නයේදී නිර්මාණශීලිත්වයෙන් සහ නවෝත්පාදනයෙන් අප සමාගම ඉහළින්ම සිටින්නෙමු. අපගේ විවිධාකාර සේවාවන් පෙළ ඔබට ජාත්‍යන්තර මට්ටමේ ජීවිත රක්ෂණ සේවා රැසක අත්දැකීම් ගෙන එන අතර එමඟින් ජීවිතය උපරිම ලෙස විඳීමට ඔබට නිදහස සහ අවස්ථාව ලබා දෙන්නෙමු.

දැක්ම

ජාත්‍යන්තර මට්ටමේ නවෝත්පාදනයන් තුළින් ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සහ පාර්ශ්වකරුවන්ට වැදගත්කමක් හිමි කර දීමයි


මෙහෙවර

ඔබ ඔබගේ ජීවිතය විඳින්න. අප ඔබගේ යහපැවැත්ම උදෙසා කැප වෙමු.


අපගේ වටිනාකම්

රැකවරණය

ජීවිතයේ සහකරුවෙකු ලෙස ඔබ ළඟින්ම සිටිමින් ඔබ තබන සෑම පියවරක් පිළිබඳව සැලකිලිමත් වීම

නිර්ව්‍යාජත්වය

අපගේ නිර්ව්‍යාජත්වය පිළිබඳ වාද කිරීමට කිසි විටෙකත් ඉඩ නොතබන්නෙමු

ධෛර්යය

පාරිභෝගිකයින්ට හොඳම ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීම සඳහා ක්ෂේත‍්‍රයේ අනෙකුත් තරගකාරී වෙළෙඳපොළවලට අභියෝග කරමින් අප ධෛර්යමත්ව කටයුතු සිටින්නෙමු

නවෝත්පාදනය

නව්‍යකරණය තුළින් පාරිභෝගික ජීවන රටාව ඉහළ නැංවීම

සරල බව

ජාත්‍යන්තර මට්ටමේ ජීවිත රක්ෂණ විසඳුම් ගෙන ඒමෙන් අප පාරිභෝගිකයින්ගේ ජීවිතය සරල කරන්නෙමු