සොෆ්ට්ලොජික් ලයිෆ් ඩ්‍රෝන තාක්ෂණයෙන් ක්‍රියාත්මක කළ නත්තල් සීයා ගාලු මුවදොර වර්ණවත් කරයි

නිරන්තරයෙන් නිර්මාණශීලී හා නව්‍යකරණ නිර්මාණයන් තුළින් ශ්‍රී ලාංකේය ජනතාව අමන්දානන්දයට පත් කරන මෙරට ඉහළ පාරිභෝගික පදනමක් සහිත ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි තවත් ආකර්ෂණීය නිර්මාණයක් පසුගියදා කොළඹ ගාලු මුවදොරදී ක්‍රියාත්මක කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිනි මුවන් බැඳි කරත්තයක නැගුණු නත්තල් සීයා කොළඹ අහස වර්ණවත් කළ එම නිර්මාණය ලොකු, කුඩා සියලු දෙනාගේ විශ්මයටත්, සතුටටත් හේතුවක් විය. අති නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතය තුළින් නත්තල් සීයාට ජීවමාන බවත් එක් කල සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලාංකිකයින් මෙතෙක් අත් නොවිඳි අසමසම අත්දැකීමක් ඔවුන් වෙත ගෙන ඒමට සමත් වූයේ නව්‍යකරණය වෙනුවෙන් වන සිය නොසැලෙන කැපවීම නැවත නැවතත් ප්‍රදර්ශනය කරමිනි.

මෙරට ප්‍රමුඛතම ඩ්‍රෝන මෙහෙයුම්කරුවන් වන ‘ඩ්‍රෝන මුදියන්සේ’ සමඟ එක් වෙමින් මෙම සුවිශේෂී නිර්මාණය දැක බලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදා කර දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. එහිදී අති නවීන ඩ්‍රෝන යාත්‍රා දෙකක් ආධාරයෙන් අඩි 12ක් පමණ දිග නත්තල් යානයක් අහසේ පියාසර කරවීමට ඔවුන් කටයුතු කළේ ගාලු මුවදොරට එක් වූ දහස් ගණනක ජනතාවට ඉමහත් සතුටක් එක් කරමිනි. නත්තල් සීයා අහසේ පියාසර කරන වීඩියෝ හා ඡායාරූපවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී යන්නට වූයේද ඊට එල්ල වූ ඉහළ ජනතා ආකර්ෂණය හේතුවෙනි. ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටු කිරීම සඳහා වන සිය කැපවීම සමඟින් නවීන තාක්ෂණය භාවිත කරමින් ජනතාව වෙත අමතක නොවන අත්දැකීමක් ලබා දීමට මේ තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් හට හැකි විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් අලෙවි ප්‍රධානී චමින්ද්‍රි පිළිමතලව්වේ මහත්මිය සඳහන් කර සිටියේ “සොෆ්ට්ලොජික් ලයිෆ් ලෙස සෑම විටම පොරොන්දු ඉටු කිරීමට කැපවී කටයුතු කරන අප ජනතාවට නවතම හා අමතක නොවන අත්දැකීමක් ලබා දීම සඳහා නොබියව නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙවර නත්තල් සමයේදී කොළඹ අහසේ නත්තල් සීයා පියාසර කිරීමේ අවස්ථාව දැකබලා ගැනීම බාල, මහලු සියලු දෙනාගේ සතුටට හේතු වූ බව රහසක් නොවෙයි. නව ප්‍රවණතා නිර්මාණකරුවකු මෙන්ම නව්‍ය රක්ෂණකරුවකු ලෙස අපිට ශ්‍රී ලාංකිකයින්ට සුවිසල් සිහින දැකීමේ අවස්ථාව උදාකර දීමේ වගකීමක් ඇති බව විශ්වාස කරන අප මෙම ඩ්‍රෝන මඟින් ක්‍රියාකරන නත්තල් සීයා නිර්මාණය තුළින් නවෝත්පාදනය යොදා ගත හැකි ආකාරය පෙන්වා දී තිබෙනවා. මෙය හුදෙක් අලංකාර නිර්මාණයක් පමණක් නොව සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් පෙළඹවීමට පොරොන්දු ඉටු කිරීම සඳහා තාක්ෂණය භාවිත කරන ආකාරය පෙන්වීමේ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකියි” යනුවෙනි.

“මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “අපගේ පාරිභෝගිකයින් සඳහා මූල්‍ය සුරක්ෂිතභාවයෙන් ඔබ්බට යමින් විශ්වාසය, බලාපොරොත්තුව හා ධනාත්මකබව තුළින් සුවිශේෂී අත්දැකීමක් ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් පියාසර කරන නත්තල් සීයාගේ කරත්තය මෙන්ම AI තාක්ෂණය තුළින් මිනිත්තු කිහිපයක් තුළ රක්ෂණ හිමිකම් සපුරාලීමත් වෙනුවෙන් පොරොන්දු වූ පරිදි අපගේ හැකියාවන් තවදුරටත් ඉහළ නංවමින් කර්මාන්තයේ නව මිනුම් සළකුණු සැකසීමට අප කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

ඩ්‍රෝන මුදියන්සේ සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් ඇති කරගනු ලැබූ මෙම සබඳතාවය තුළින් ශ්‍රී ලාංකේය උත්සවය සංස්කෘතිය තුළද නවමු වෙනසක් ඇති කිරීමට සමත් වූයේ තවත් නවෝත්පාදන ගමනක ඇරඹුම සනිටුහන් කරමිනි. ආයතනික අරමුණු අත්දැකීමක් බවට පරිවර්තනය කිරීම සඳහා සාම්ප්‍රදායිකත්වයෙන් මිදී නව්‍ය තාක්ෂණය භාවිත කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ කර්මාන්තයේ සුවිසල් වෙනසක් සිදු කිරීමට සමත් වූයේ කීර්තිමත් නාමයක් තමන් වෙත රඳවා ගනිමිනි. අහසේ පාවෙන නත්තල් සීයා සහ අනෙකුත් අංග තුළින් උත්සව සමයේ ගාලු මුවදොරට රැස්වුණු බාල, මහලු, තරුණ සියලු දෙනාට නවතම අත්දැකීමක් සමඟින් සතුටක් එක් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කිරීම එහි නව්‍යකරණ පියවරෙහි තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමකි.