"ගනුදෙනු කටයුතු අවසන් වීමෙන් පසුව අලියාන්ස් ලයිෆ්, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී හි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආයතනයක් බවට පත් වේ‘ නුදුරු අනාගතයේදී සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සීහි අනුබද්ධ ආයතනයක් ලෙස අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, නම වෙනස් කොට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු.
2024 වසරේදී 17.2%ක වෙළෙඳපොල කොටසක් සමඟින් රුපියල් බිලියන 31. 6ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සමත් වූ සොෆ්ට්ලොජික් ලයිෆ් යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සැපයුම්කරු වේ. රක්ෂණ ඔප්පු හිමියන් මිලියන 1.3ක සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම පාරිභෝගික පදනමට හිමිකම් කියන එම සමාගම දිවයින පුරා විහිදුණු ශාඛා 115ක් තුළින් ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය සේවාවන් ලබා දෙනු ලබයි. එමෙන්ම එක්දින හිමිකම් පියවීම සහ ඩිජිටල්කරණ සේවාවන් සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ලබා ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් පිළිබඳ වැඩිදුර තොරතුරු www.softlogiclife.lk වෙතින් දැනගත හැකිය."