ශ්‍රී ලංකාවේ ඩිජිටල් රක්ෂණ පරිවර්තනයේ ප්‍රමුඛයා වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා Dialogහි Doc990 සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මෙහි අරමුණ වී ඇත්තේ ආයතනික රක්ෂණ පාරිභෝගිකයින් හට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී මුදල් ගෙවීමෙන් පසුව රක්ෂණ හිමිකම් අයකර ගැනීම වෙනුවට කිසිඳු මුදලක් ගෙවීමකින් තොරව එම අවස්ථාවේදීම ඩිජිටල් තාක්ෂණය හරහා රක්ෂණ පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දීමයි.
මේ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික රක්ෂණ හිමිකරුවන්ට Doc990 හරහා වෛද්‍යවරුන් හමුවීමේදී කිසිඳු මුදලක් කලින් ගෙවීමට අවශ්‍ය නොවේ. එසේම මෙහිදී එම වියදම් රක්ෂණාවරණයෙන් ඍජුවම අඩු වන අතර ඒ හේතුවෙන් ඊට සම්බන්ධ බිල්පත් සහ ලේඛන ඉදිරිපත් කර මුදල් ලැබෙන තුරු බලා සිටීමට සිදු නොවනු ඇත. මෙහි ඇත් තවත් ප්‍රතිලාභයක් වන්නේ Doc990 චැනලින් සේවා ගාස්තුවෙන් 35%ක වට්ටමක් පාරිභෝගිකයා වෙත හිමිවීමයි.
ශ්‍රී ලංකාවේ විශාලතම සෞඛ්‍ය රක්ෂණ සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණය හුදෙක් රක්ෂණකරුට ආරක්ෂාවක් පමණක් නොව ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රියාවලියේම කොටසක් බවට පත්ව ඇත. මෙම නව ක්‍රමය මඟින් රක්ෂණ සේවාව ගනුදෙනුවකට එහා ගිය, ඕනෑම වේලාවක ක්‍රියාත්මක වන සේවාවක් බවට පත්වනු ඇත. වෛද්‍යවරුන් සම්බන්ධ කරගන්නා අවස්ථාවේදීම රක්ෂණ ප්‍රතිලාභ පියවීමේ අවස්ථාව ලබා දීමෙන් පාරිභෝගිකයාට කඩිනමින් හා පහසුවෙන් සෞඛ්‍යය සේවාවන් ලබා ගැනීමටද මේ තුලින් අවකාශ උදා වේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “ අවදානම් ආවරණය කිරීමේදී පමණක් නොව, සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදී පවතින සංකීර්ණතා ඉවත් කිරීම තුළ වත්මන් රක්ෂණ කර්මාන්තයේ සැබෑ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. අද වන විට මෙරට තාක්ෂණය පහසුවෙන් ඒකාබද්ධ කරමින් ප්‍රමුඛ පෙළේ සංවිධාන හා ආයතන රැසක සේව්‍ය-සේවක දෙපාර්ශවයටම පහසු රක්ෂණ සේවාවක් ලබා දීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර තිබෙනවා. Doc990 සමඟ එක්ව, පාරිභෝගිකයාට රක්ෂණය වඩාත්ම අවශ්‍ය මොහොතේදීම සැණෙකින් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. කිසිදු කරදරයකින් තොරව ක්ෂණික සහ පහසුවෙන් එම සේවාව අත්විඳීමට ඔවුන්ට හැකියාව උදා වනවා. එකිකෙට සම්බන්ධ ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමේ සුවිශේෂී පියවරක් වන මේ තුලින් අප සේවය කරන ආයතන සහ ජනතාව වෙනුවෙන් වඩාත් බුද්ධිමත් විසඳුම්, පහසු අවස්ථාවක් සහ දෛනික වටිනාකමක් ලබා දීමට අපට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ Dialog Axiata PLC හි අධ්‍යක්ෂ /සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් ළඟා විය හැකි සෞඛ්‍යය සේවාවක් ලබා දීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත් වනවා. ඩිජිටල් තාක්ෂණය හා රක්ෂණය එක් කිරීම තුලින් මුදල් ලබා දීමකින් තොරව ඉතා පහසුවෙන් බාහිර රෝගී ප්‍රතිකාර ලබා ගැනීමට මෙහිදී හැකියාව උදා වනවා. හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම හා පහසු එකක් බවට පත් කිරීමට ඔවුන් කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.
මෙම නවතම සහයෝගීතාව තුලින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු රක්ෂණ ක්ෂේත්‍රයේ සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව සිටියි. පාරිභෝගික ආරක්ෂාව මෙන්ම පහසුව සඳහා වන විසඳුම් ලබා දීම වෙනුවෙන් රක්ෂණය එදිනෙදා සෞඛ්‍යය සේවාවේ කොටසක් බවට පත් කිරීමටද ඔවුන් කටයුතු කරනු ඇත.
