සොෆ්ට්ලොජික් ලයිෆ් තිරසාර පරිසරයක් වෙනුවෙන් සිය කැපවීම නැවත නැවතත් තහවුරු කරමින් පසුගියදා Carbon Accounting Financials (PCAF) වැඩසටහන සමඟ එක් විය. එම වැඩසටහන සමඟ එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකේය රක්ෂණ ආයතනය බවට පත්වීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. Carbon Accounting Financials යනු මූල්‍ය ආයතනයකට ඔවුන්ගේ මූල්‍ය හා ආයෝජන ව්‍යාපෘතීන්ට අදාල කාබන් විමෝචනය ගණනය කිරීම සහ කළමනාකරණය සඳහා හැකියාව ලබා දෙන ගෝලීය වැඩසටහනකි.
ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්රය තුළ තිරසාර දේශගුණයක් වෙනුවෙන් කැප වන සමාගමක් ලෙස ප්රමුඛත්වයක් ගෙන කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ්හි අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී මෙම සබඳතාව සුවිසල් ශක්තියක් වනු ඇත. දේශගුණික බලපෑම්වලට විසඳුම් සෙවීම වෙනුවෙන් 2015 වසරේ සිට වාණිජ බැංකු, සංවර්ධන බැංකු, වත්කම් හිමිකරුවන්, වත්කම් කළමනාකරුවන් සහ රක්ෂණකරුවන් සමඟ එක්ව කටයුතු කරන PCAF එම ආයතනයන්හි මූල්‍ය සේවාවන්හිදී සිදුවන කාබන් විමෝචනයගණනය කිරීමට අවශ්‍ය පොදු ප්රමිතීන් වැඩි දියුණු කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.
ලෝකය පුරා මූල්‍ය ආයතනය විසින් කාබන් අවම කිරීම සඳහා සිදු කරන ණය හා ආයෝජනයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමට මෙම එකමුතුව කටයුතු කර ඇත. මෙහිදී PCAF විසින් මූල්‍ය ආයතන සඳහා ගෝලීය GHG ගණනය කිරීම් සහ වාර්තාකරණ ප්රමිතීන් භාවිත කරනු ලබයි. එම ප්රමිතීන් අනුගමනය කරමින් සිය ආයෝජනයන්ට සම්බන්ධ කාබන් විමෝචනය පිළිබඳ ගණනය කිරීමට හැකි වනු ඇත.
මෙම පියවර මඟින් IFRS S2 කාලගුණ සම්බන්ධ ප්‍රකාශ ප්‍රමිතියට සමාන SLFRS S2 ඇතුලු නව කාලගුණ ප්‍රකාශන අවශ්‍යතා අනුගමනය කිරීමට සමාගමට හැකි වේ. 2024 මූල්‍ය වර්ෂය සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම පියවර 1, 2, 3 යටතේ ආයෝජනය කරමින් ටොන් 4700කට ආසන්න කාබන් විමෝචනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. එසේම PCAF සමඟ එක්වීම තුලින් කාලගුණ වාර්තාවන්හි සුපැහැදිලි බව, සමාන බව හා සංසන්දනය කළ හැකි බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන සොෆ්ට්ලොජික් ලයිෆ් එම දත්තයන් ආයෝජන පාලනය, අවදානම් කළමනාකරණය සහ දිගු කාලීන මූල්‍ය සැලසුම් සඳහා යොදා ගැනීමටද නියමිතය.
සොෆ්ට්ලොජික් ලයිෆ්හි ශක්තිමත් මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය මත පදනම්ව දේශගුණික වගකීම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස 9ක කාලය සදහා 29%ක වාර්ෂික වර්ධනයක් සනිටුහන් කරමින් රුපියල් බිලියන 28.2ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව සිටියි. එහි බදු පෙර ලාභය රුපියල් බිලියන 3.3ක් වන අතර බදු පසු ලාභය රු. බිලියන 2.3කි. මෙම ස්ථාවර වර්ධනය තුලින් කාලගුණ ගණනය කිරීම් හා වාර්තා කිරීම් සඳහා වැදගත් වන අවදානම් කළමනාකරණ ක්රමයන්, තාක්ෂණ යෝජනා ක්‍රම සහ පරිපාලන සැලසුම් වෙත ආයෝජන කිරීමට සමාගමට හැකි වී තිබේ.
මූල්‍ය ආයතන සඳහා කාලගුණ ක්‍රියා මාර්ග ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මූල්‍ය ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කාබන් විමෝචනය ගණනය කිරීම සඳහන් කළ හැකිය. කාබන් විමෝචන දත්ත තුලින් අනාගත කාලගුණ දත්ත විශ්ලේෂණය කිරීම, සපුරාගත හැකි ඉලක්කයන් සකස් කිරීම, ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සහ කාලීන ප්‍රගතිය වාර්තා කිරීම මනාව සිදු කළ හැකි වේ. එසේම කාලගුණ ඉලක්කයන් සමඟ ආයෝජන කළඹ ගැලපීම සහ දිගු කාලීන කාබන් විමෝචනය අවම කිරීම සඳහා මෙම සියලු පියවර සාක්ෂාත් කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඩු මහතා සඳහන් කර සිටියේ “ කාලගුණය සම්බන්ධ අවදානම මූල්‍ය අවදානම සඳහාද හේතු වනවා. තමන් විසින් සිදු කරන දේ පමණක් නොව මූල්‍යකරණය තුලින් සිදු කරන දේ පිළිබඳවද අවධානය යොමු කළ යුතු වනවා. ඒ නිසා PCAF සමඟ එක්වීමට අපි කටයුතු කළා. අපගේ ආයෝජන ක්‍රියාකාරකම් හරහා දේශගුණික බලපෑම තක්සේරු කරන ආකාරය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම සඳහා ගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. අවදානම. PCAF සමඟ එක්වීම ආරක්ෂාව සහ ප්‍රාග්ධන හිමිකම පිළිබඳ දිගු කාලීන දැක්මක් සහිත රක්ෂණකරුවකු ලෙස අපගේ ව්‍යාපාර ශක්තිය සහ ආර්ථික දායකත්වය ඉහළ නැංවීමට උපකාරී වනවා.” යනුවෙනි.
2019 වසරේදී ගෝලීය වශයෙන් ආරම්භ කරනු ලැබූ PCAF අද වන විට ලොව පුරා බැංකු, දේපොල කළමනාකරුවන් සහ රක්ෂණ ආයතන ඇතුලු මූල්‍ය ආයතන 700කට වැඩි සංඛ්‍යාවක් සමඟ එක්ව කටයුතු කරයි. ණය, ආයෝජන සහ රක්ෂණ කටයුතුවලින් ඇති වන වායු දූෂණය (කාබන් විමෝචනය) ගණනය කිරීම සඳහා පොදු මාර්ගෝපදේශ සකස් කිරීම PCAF මගින් සිදු වේ. ඒ වෙනුවෙන් සියලු සාමාජික ආයතන එක්ව කාලගුණය සම්බන්ධ ගණනය කිරීම් සහ ප්‍රකාශන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටියි. රක්ෂණ ක්ෂේත්රයේ සිය නායකත්වය තහවුරු කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ මෙහෙයුම්හිදී මෙම භාවිතයන් අනුගමනය කරමින් දේශගුණික ක්‍රියාමාර්ග කෙරෙහි කැපවී කටයුතු කරයි.
