බැහැර කිරීමේ වගකීම් පිළිබඳ සමාජය දැනුවත් කිරීම

”කසළ ප‍්‍රශ්නය” ශ‍්‍රී ලංකාවේ මහත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත්ව ඇත. කුණු කසළ හේතුවෙන් රට විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇතත්, ගැටලූව නිවැරදි කිරීමට කිසිවෙකු උත්සාහ කර නැත. සෑම අවස්ථාවකම අපි සියලූ දෙනා කසළ බැහැර කිරීමේ පද්ධතියට දොස් පවරමු. නමුත් අපි අපේම ක‍්‍රියාවන් ගැන ප‍්‍රශ්න කරනවාද? මෙම ගැටළුව විසඳීම සඳහා පද්ධතියට සහාය වීමට තරම් අප විනයගරුකද? එම වෙනස සිදු විය යුත්තේ අපි එකිනෙකා තුළින්මය. අප කරන එක් සරල ක‍්‍රියාවකින් පෙරළිකාර වෙනසක් ඇති කළ හැකිය. සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් 2017 දී පාසැල් වල කසළ බහාලුම් සපයා දීම සඳහා දායකත්වයෙන් සිසු දරුවන් පාරිසරික පවිත‍්‍රතාවය පිළිබඳ දැනුවත් කොට ඒ සඳහා ප‍්‍රායෝගිකව නැඹුරු කිරීම මේ වැඩ සටහන ඔස්සේ සිදු කෙරිණි.