නිදංගල කනිෂ්ඪ විද්‍යාලය සඳහා පුස්තකාල හා පරිගණක ඒකකය

වැලිගම නිදංගල වෙසෙන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම සඳහා මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණි. පුස්තකාලයට පරිත්‍යාග කිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලය විසින් පොත් එකතුවක් ආරම්භ කරන ලද අතර පාසලේ කුඩා පරිගණක විද්‍යාගාරය සඳහා පරිගණක පරිත්‍යාග කිරීම, වහල සිවිලිම අළුත්වැඩියා කිරීම සහ අලූතින් තීන්ත ආලේප කිරීමෙන් නිදංගල කනිෂ්ඪ විද්‍යාලය දරුවන්ට අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමට සුවපහසු ස්ථානයක් බවට පත් කිරීම මේ වැඩසටහන ඔස්සේ සිදු කෙරුණි.