ගසක් සිටුවන්න – අපි තුරු මිතුරු

සොෆ්ට්ලොජික් ලයිෆ් යනු ශ‍්‍රී ලංකාවට තමන්ට අවශ්‍ය හොඳම ජීවිතය ගත කිරීමට පෙළඹවීමෙන් ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටින සන්නාමයකි. මෙම ගමනේදී ලාභය, ගනුදෙනුකරුවන් සහ සේවා වලින් ඔබ්බට ගිය සමාගමක් ලෙස අපට මේ රට කෙරෙහි වැඩි වගකීමක් ඇති බව අපි විශ්වාස කරමු. සොෆ්ට්ලොජික් ලයිෆ් හා සම්බන්ධ වන ඕනෑම අයෙකු ගසක් සිටුවීමටත් ඒ ඔස්සේ රුක් රෝපණය සඳහා තවත් බොහෝ දෙනෙකු උනන්දු කරවීමටත් අප මෙම ගස් ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙය තෝරා ගැනීමට ප‍්‍රධාන හේතු දෙකක් වන්නේ විශාල ප‍්‍රජාව කෙරෙහි සැලකිලිමත් වීමේ හා වගකීමේ පුරුද්ද ඇති කිරීමට සහ අනාගත පරපුර සඳහා සොබාදහම සංරක්ෂණය කිරීමයි (පාංශු ඛාදනය, මුහුදු ඛාදනය, නායයෑම්, නියඟය, වන විනාශය යනාදිය ඇති ප‍්‍රදේශවල ගස් සිටුවීම)