පාසල් සහතික වැඩසටහන

තම සිහින හඹා යන පුද්ගලයින් හා නිරතුරුවම බැඳී ඇති වෙලඳ සන්නාමයක් ලෙස මතු පරපුර වෙනුවෙන් යහපත් බලපෑමක් සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ. පාසැල යනු පුද්ගලයෙකුට  ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් ඇරඹී, විශ්ව විද්‍යාල ප‍්‍රවේශයේ දොරගුලු විවර කිරීමට මං පාදන තෝතැන්නකි. සිසුන්ගේ ලොකු කුඩා සෑම සිහිනයක්ම පාහේ සැබෑ කර ගැනීමට මුල් පෙළ හා දෙවන පෙළ අඩිතාලම ගොඩනැගෙන්නේද පාසැලෙනි. යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තම සිහින හඹා යෑම සඳහා දිරි ගන්වන වෙළෙඳ සන්නාමයක් ලෙස සිසු දරුවන් හට අත්වැලක් වෙමින් ඔවුනගේ ඉලක්කයන් කරා ලඟාවීමේ ගමනේ මුල පටන් අවසානය දක්වා දරුවන් අගයමින් ඔවුන් සමඟම සිටීම මෙහි අරමුණයි.