WIN-තරුණ සවිබල ගැන්වීමේ වැඩසටහන

හොඳින් සැළසුම් කල හා ප‍්‍රයෝගික ක‍්‍රියාකාරකම් රැසකින් සමන්විත පුහුණුව තුළින් ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ කුසලතා ඉහළ නැංවීමයි. මේ ඔස්සේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල් වල උසස්පෙළ හදාරණ සිසුන්ගේ විශ්වාසය හා ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය කිරීමල ආයතනික අංශයේ රැකියා අවස්ථා දිනා ගැනීම සහ අදාළ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම වැනි කරුණු වෙත අවධානය යොමු කරයි. මෙම වැඩසටහන තුළින් ඔවුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය පිළිබඳව සොයා බැලීමක් සිදු කොට මීට පෙර WIN  වැඩසටහන් සඳහා සහභාගී වූ විශ්ව විද්‍යාල සුදුසුකම් ලත් සිසුන්ට ශිෂ්‍යත්ව අවස්ථාද ලබා ලබාදීමට අදහස් කෙරේ.