වෙනත් ප‍්‍රතිලාභ

අවුරුදු 100ට වැඩි ජීවිත රක්ෂණාවරණය

සීමිත ගෙවීම් කාල සීමාවක් සහිත whole of life assurance rider ට මරණය දැනුම් දුන් වහාම ප‍්‍රතිලාභ මුදලින් 10% ක් ගෙවනු ලැබේ (උපරිම වශයෙන් රුපියල් 200,000 දක්වා)


හදිසි මරණ ප‍්‍රතිලාභය

එම ජීවිත කාලය තුළ සමාගම විසින් නිකුත් කරන ලද සියලූම රක්ෂණ ඔප්පුවලට ගෙවිය යුතු අතිරේක මුදල ප‍්‍රධාන රක්ෂණ ඔප්පුවේ මූලික රක්ෂිත මුදලට වඩා හතර ගුණයක් නොඉක්මවිය යුතු අතර එකම ‘’ජීවිත රක්ෂිතයා” යටතේ ලබාගත් සියලූම ජීවිත රක්ෂණ ඔප්පු සඳහා රුපියල් මිලියන 30 ක් (රුපියල් මිලියන තිහක්) වන වෙළෙඳපොළ සීමාව ඉක්මවා නොයා යුතුය. එකම ‘’ජීවිත රක්ෂිතයා” යටතේ ලබාගත් සියලූම ජීවිත රක්ෂණ ඔප්පු සඳහා රුපියල් මිලියන 30 ක් (රුපියල් මිලියන තිහක්).


අමතර ජීවන ප‍්‍රතිලාභය

මෙම ආවරණය යටතේ සහතික කළ මුදල සහතික කළ මූලික මුදල මෙන් අට ගුණයක් දක්වා සීමා වේ.


පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභය

පූර්ණ හා සදාකාලික අබලතාවකදී සහතික මුදලින් 60% ක් ආරම්භයේදීම ගෙවනු ලබන අතර ඉතිරි 40% වසර 4 ක් තුළ සමාන වාරික 4 කින් ගෙවනු ලැබේ.


සදාකාලික අර්ධ අබලතා ප‍්‍රතිලාභය

රක්ෂණ ඔප්පු ගිවිසුමේ ප‍්‍රතිලාභ ලැයිස්තුවේ සඳහන් කර ඇති සදාකාලික අර්ධ අබලතාවය මත පදනම්ව සහතික මුදලෙන් ප‍්‍රතිශතයක් ගෙවනු ලැබේ.


වාරික ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභය

හදිසි අනතුරක් හෝ අසනීපයක් හේතුවෙන් පූර්ණ හා සදාකාලික අබලතාවකට පත් වුවහොත්, සමාගම අදාල ප‍්‍රතිලාභයේ කල් ඉකුත් වීමේ දිනය තෙක් ‘’මූලික සහතික මුදල, අමතර ජීවිත ප‍්‍රතිලාභය, බරපතල රෝග සුපිරි ප‍්‍රතිලාභය, අවමංගල්‍ය වියදම් ප‍්‍රතිලාභය, කලත‍්‍රයා සඳහා ආවරණ ප‍්‍රතිලාභය, පවුලේ ආදායම් ප‍්‍රතිලාභ සහ වාර්ෂික වර්ධන ප‍්‍රතිලාභය” සඳහා වන වාරිකය නොසලකා හරිනු ඇත. 


මරණ ප‍්‍රතිලාභය මත වාරිකය අත්හැරීම

ජීවිත රක්ෂිතයා මරණයට පත්වූ අවස්ථාවකදී, ජීවිත රක්ෂිතයාගේ මරණය සිදු වූ දින සිට වාරික ගෙවීමේ කාල සීමාව ඉකුත්වන දිනය දක්වා සමාගම නිත්‍ය මූලික වාරිකය නොසලකා හරිනු ඇත.


කලත‍්‍රයා සඳහා ආවරණ ප‍්‍රතිලාභය

ප‍්‍රධාන ජීවිත රක්ෂණ ඔප්පු හිමිකරුගේ කලත‍්‍රයාට විකල්ප ජීවිත රක්ෂණාවරණයක් ලබා දී ඇත.


රෝහල්ගත කිරීමකදී ප‍්‍රතිලාභය

රෝහල්ගත කිරීමේ අවස්ථාවකදී ආදායම අහිමි වීම්, වෛද්‍ය බිල්පත්, ප‍්‍රවාහන වියදම් ආදිය පියවා ගැනීමට දෛනික ප‍්‍රතිලාභ ගෙවා ඇත.


අවමංගල්‍ය වියදම් ප‍්‍රතිලාභය

ප‍්‍රධාන ජීවිත රක්ෂණ ඔප්පුහිමියා මිය ගිය විට කලත‍්‍රයාට එකවර ගෙවනු ලබන ප‍්‍රතිලාභය.


පවුලේ ආදායම් ප‍්‍රතිලාභ

ප‍්‍රධාන ජීවිත රක්ෂණ ඔප්පුහිමිකරු මිය ගිය විට හෝ හෝ පූර්ණ හා සදාකාලික අබලතාවකට පත් වීමේදී ගෙවනු ලබන මාසික ප‍්‍රතිලාභයක්.


අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය

ජීවිත රක්ෂිතයා රක්ෂණ ඔප්පු ලේඛනයේ දක්වා ඇති අසාධ්‍ය රෝගාබාධ 36 යටතේ ශල්‍යකර්මයකට භාජනය වී ඇති බව ඔප්පු වී ඇති බව හෝ පළමු වරට කවර හෝ රෝගාබාධයකින් පෙළෙන්නේ නම් ප‍්‍රතිලාභය ගෙවනු ලැබේ. එමෙන්ම කලත‍්‍රයා සහකරු/සහකාරිය එම රක්ෂණ ඔප්පුව යටතේ ආවරණය කිරීමේ විකල්පය ඇත්තේ ද රක්ෂණ ඔප්පු හිමිකරුට ය.


වාර්ෂික වර්ධන ප‍්‍රතිලාභය

මෙම ප‍්‍රතිලාභය ලබාගෙන තිබේ නම්, ජීවිත රක්ෂිතයා විසින් තෝරාගත් පරිදි මූලික රක්ෂිත මුදල වාර්ෂිකව 5% හෝ 10% කින් ස්වයංක‍්‍රීයව ඉහළ යනු ඇත.


විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.

අපට ඇමතුමක් දෙන්න

1312

24/7 අපි ඔබ වෙනුවෙන් මෙහි සිටින්නෙමු