සොෆ්ට්ලොජික් ලයිෆ් විශ‍්‍රාමික සැලැස්ම

මෙම සැලසුම මගින් රක්ෂණ ඔප්පුහිමියාට සමුච්චිත අරමුදල් ශේෂය එකවර හෝ විශ‍්‍රාම යන වයසට පැමිණි පසු වාර්ෂික ගෙවීමක් ලෙස ගෙවීමට තෝරා ගත හැකිය. වාරික ගෙවීමේ විකල්ප කිහිපයකි. එනම් නිශ්චිත වසර 10 ක්, ජීවිත කාලය පුරාවට හෝ ජීවිත කාලය පුරාවට බද්ධ ජීවිත රක්ෂණ දෙකක් ආදි වශයෙනි. සෑම අවස්ථාවකම අවම වශයෙන් හෝ සහතික කළ ප‍්‍රතිලාභයක් ඇති නමුත් අරමුදලේ ක‍්‍රියාකාරීත්වය මත පදනම්ව විශ‍්‍රාම ප‍්‍රතිලාභ වැඩි විය හැකිය. විශ‍්‍රාම අරමුදල වර්ධනය කිරීම සඳහා රක්ෂණ ඔප්පුහිමියාට තනි වාරිකයක් හෝ සාමාන්‍ය වාරිකයක් ලෙස ගෙවීමේ අවස්ථාව ඇත. රක්ෂණ ඔප්පුහිමියාට කිසිදු අමතර වියදමකින් තොරව ජීවිත ආවරණයක් මෙන්ම වාරික ආරක්ෂණ ප‍්‍රතිලාභයක් (සාමාන්‍ය වාරික ඔප්පු සඳහා) ලබා දෙන අතර දැනට පවතින සාම්ප‍්‍රදායික රක්ෂණ සැලසුම් මෙන් අතිරේක ප‍්‍රතිලාභ ඇතුළත් කිරීමට හැකියාව ඇත.

නිත්‍ය වාරික සැලැස්ම

  • ඇතුලත් වීමේ අවම වයස – අවුරුදු 18 (නිවැරදි උපන්දිනය)
  • ඇතුලත් වීමේ උපරිම වයස – අවුරුදු 60 (උපන්දිනයට ආසන්නතම වයස)
  • විශ‍්‍රාම ප‍්‍රතිලාභ ලැබීමේ වයස – අවුරුදු 55 ත් 65 ත් අතර  ඕනෑම වයස් කාණ්ඩයක්

තනි වාරිකය - Differed Annuity

  • ඇතුලත් වීමේ අවම වයස – අවුරුදු 18 (නිවැරදි උපන්දිනය)
  • ඇතුලත් වීමේ උපරිම වයස – අවුරුදු 64 (උපන්දිනයට ආසන්නතම වයස)
  • විශ‍්‍රාම ප‍්‍රතිලාභය ලැබීමේ වයස – අවුරුදු 55 ත් 65 ත් අතර  ඕනෑම වයස් කාණ්ඩයක්

මෙම සැලසුම සමඟ පිරිනැමීම සඳහා පහත සඳහන් අතිරේක (rider) ආවරණ අදාළ වේ,

  • රෝහල්ගත කිරීමකදී ප‍්‍රතිලාභය
  • අවුරුදු 100 වැඩි ජීවිත ආවරණයක්
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය + විදේශ සෞඛ්‍ය ප‍්‍රතිකාර
  • ප‍්‍රධාන සෞඛ්‍ය ප‍්‍රතිලාභය
  • අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය

තනි වාරිකය - immediate වාර්ෂිකය

ඇතුලත් වීමේ අවම වයස - අවුරුදු 55 (ආසන්නතම උපන්දිනයට වයස)
විශ‍්‍රාම ප‍්‍රතිලාභය ලැබීමේ වයස - immediate (වහාම)

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.