සොෆ්ට්ලොජික් ලයිෆ් යුනිවර්සල් රක්ෂණ සැලසුම

සොෆ්ට්ලොජික් ලයිෆ් යුනිවර්සල් සැලසුම යනු පුළුල් විශ්වීය ජීවිත රක්ෂණ සැලසුමක් වන අතර, අවශ්‍ය වූ විටෙක විකල්ප එකතු කිරීමට/වෙනස් කිරීමට හැකි වන පරිදි නම්‍යශීලීභාවයෙන් යුතුව සියලූම පාරිභෝගික අවශ්‍යතා ආවරණය කිරීම ඉන් අරමුණු කරයි.

යුනිවර්සල් ජීවිත රක්ෂණ සැලසුමේ විශේෂාංග

  • වයස අවුරුදු 80 දක්වා ජීවිත රක්ෂණ ආවරණය දීර්ඝ කර ඇත.
  • පාරිභෝගික අවශ්‍යතා මත පදනම්ව රක්ෂණ ප‍්‍රතිපත්ති නිර්මාණය කර ඇත.
  • ජීවිත රක්ෂිතයාගේ මරණයකදී වාරික ප‍්‍රතිලාභ ගෙවීමෙන් නිදහස් කර ඇති අතර කලත‍්‍රයාය ඔප්පුව කල් පිරීම දක්වා රක්ෂණාවරණය පවත්වාගෙන යා හැකිය.
  • වසර 03 ක් අවසානයේ වාරික අගය වැඩි කළ හැකිය (වසරකට උපරිම  වාර 2ක් හා වාරික ඉහළ දැමීමේ අවම අගය රුපියල් 25,000)
  • වාරික ගෙවීමේ කාල සීමාව රක්ෂණාවරණයේ කාලයට වඩා අඩු හෝ සමාන විය හැකිය
  • රක්ෂණාවරණය යටතේ විශේෂ අවශ්‍යතා 3ක් ආවරණය වේ. x ආරක්ෂාව x විශ‍්‍රාම ගැනීම x ඉතිරිකිරීම්
  • ජීවිත රක්ෂිතයාගේ මරණයේ දී පවා, රක්ෂණ ඔප්පුව කල්පිරෙන දිනයේ දී කල්පිරීමේ මුළු වටිනාකම නාමිකයාට ලැබෙනු ඇත.
  • පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභය

ජීවිත රක්ෂිතයා පූර්ණ හා සදාකාලික අබලතාවකදී තත්වයකට පත්වීමකදී සමාගම විසින් මූලික වාරිකය බැර කරනු ලබන අතර කල්පිරීමේ වටිනාකම කල්පිරීමේ දිනයේදී ජීවිත රක්ෂිතයාට ගෙවනු ලැබේ.


සුදුසුකම් ලැබීම සදහා නිර්ණායක

  • ඇතුළත් වීම සඳහා අවම වයස අවුරුදු 18 (නිවැරදි වයස).
  • ඇතුළත් වීම සඳහා උපරිම වයස අවුරුදු 70 (ආසන්නතම උපන් දිනට)
  • රයිඩර් ආවරණය අවසන් වීමේ වයස අවුරුදු 70 යි.

මෙම සැලසුම සමඟ පිරිනැමීම සඳහා පහත සඳහන් අතිරේක (rider) ආවරණ අදාළ වේ,

  • අහඹු මරණ ප‍්‍රතිලාභය
  • අතිරේක ජීවිත ප‍්‍රතිලාභය
  • පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභය
  • සදාකාලික අර්ධ අබලතා ප‍්‍රතිලාභය
  • අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය (රෝගාබාධයන් 36ක් ආවරණය කරයි)
  • කලත‍්‍රයාට වැළදෙන අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය (රෝගාබාධයන් 36ක් ආවරණය කරයි)
  • කලත‍්‍රයා ආවරණ ප‍්‍රතිලාභය
  • අවමංගල්‍ය වියදම් ප‍්‍රතිලාභය
  • වාරික ආරක්ෂණ ප‍්‍රතිලාභය
  • රෝහල්ගත කිරීමකදී ප‍්‍රතිලාභය
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය + විදේශයකදී රෝග ප‍්‍රතිලාභ 
  • ප‍්‍රධාන සෞඛ්‍ය ප‍්‍රතිලාභය
  • පූර්ණ හා සාදාකාලික අබලතාවකදී පවුලේ ආදාය මත ප‍්‍රතිලාභය
  • මරණයකදී පවුලේ ආදායම මත ප‍්‍රතිලාභය
  • වාරික අත්හැරීමේ ප‍්‍රතිලාභය ජීවිත රක්ෂිතයාගේ මරණයකදී 
  • උද්ධමන ආරක්ෂණ ප‍්‍රතිලාභය

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.