සොෆ්ට්ලොජික් ලයිෆ් යුනිවර්සල් සේවින්ග්ස් ප්ලස් රක්ෂණ සැලසුම

මෙම සැලසුම ණය සඳහා ඇපකරයක් ලෙස භාවිතා කළ හැකි අතර මෙම සැලසුම යටතේ හිඟ ණය මුදල් පියවා ගැනීම සදහා වූ සුරක්ෂාවක් ලෙසද යොදා ගත හැකිය. මෙම සැලසුම ඉලක්ක කරන්නේ මූල්‍ය ආයතනවලින් පුද්ගලික ණය (කෙටි කාලීන ණය) ලබා ගන්නා ගනුදෙනුකරුවන්ය. රක්ෂණ ඔප්පුවේ කාල සීමාව තුළ ජීවිත රක්ෂිතයා මිය ගිය හොත්, හිඟ ණය මුදල අඩු කිරීමෙන් පසු රක්ෂිත මුදල නාමිකයන්ට ගෙවනු ලැබේ. අපගේ දැනට පවත්නා යුනිවර්සල් රක්ෂණ සැලසුම ආකාරයෙන්ම රක්ෂණ ඔප්පු කාල සීමාව අවසානයේ සමුච්චිත අරමුදලේ ශේෂය රක්ෂිතයා/නාමිකයාට ගෙවනු ලැබේ.

රක්ෂණ ඔප්පුවේ අවම කාල සීමාව අවුරුදු 5 ක් වන අතර උපරිම කාල සීමාව අවුරුදු 10 කට සමාන වේ.

අමතර වාරික ගෙවීම් සිදු කළ හැක්කේ රක්ෂණ වාරය ආරම්භ වී වසර 03 කට පසුව වේ. (වසරකට උපරිම  වාර 2ක් වන අතර වාරික ඉහළ දැමීමේ අවම අගය වන්නේ රුපියල් 25,000කි)

ජීවිත රක්ෂිතයා මිය ගිය අවස්ථාවක, මූලික රක්ෂිත මුදල හෝ ආයෝජන ගිණුමේ ශේෂය යන අගයන්ගෙන් වැඩි අගය නාමිකයාට ගෙවනු ලැබේ.

රක්ෂණ ඔප්පුවේ කාලය අවසන් වන විට සමුච්චිත අරමුදල් වටිනාකම කල් පිරීමේ වටිනාකම ලෙස රක්ෂණ ඔප්පුහිමියාට ගෙවනු ලැබේ.

වාරික අත් හැරීමේ ප‍්‍රතිලාභය-පූර්ණ හා සදාකාලික අබලතාවයකදී ආවරණයක් පවතී.

මෙම සැලසුම සමඟ පිරිනැමීම සඳහා පහත සඳහන් අතිරේක (rider) ආවරණ අදාළ වේ

  • අතිරේක ජීවිත ආවරණ ප‍්‍රතිලාභය (මූලික රක්ෂිත මුදල මෙන් එක් වරක් හෝ අනිවාර්ය වේ) 
  • අහඹු මරණ ප‍්‍රතිලාභය, පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභය සහ පූර්ණ හා අර්ධ අබලතා ප‍්‍රතිලාභය
  • පවුල් ආදායම් ප‍්‍රතිලාභය – ජීවිත හානියකදී 
  • ජීවිත හානියකදී හෝ හදිසි අනතුරු සහ අසනීපවලදී පවුල් ආදායම් ප‍්‍රතිලාභය 
  • හදිසි අනතුරු සහ අසනීපවලදී පවුල් ආදායම් ප‍්‍රතිලාභය
  • අවමංගල්‍ය වියදම් ප‍්‍රතිලාභය
  • කලත‍්‍රයා ආවරණ ප‍්‍රතිලාභය
  • අහඹු අනතුරක්/අසනීපයක් නිසා පූර්ණ හා සදාකාලික අබලතාවයකදී වාරික ගෙවීමෙන් නිදහස් වීම.
  • රෝහල්ගතවීම් ප‍්‍රතිලාභය
  • අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය
  • අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය – කලත‍්‍රයා හට 
  • පවුල් සෞඛ්‍ය සුරැකුම් සුපිරි ප‍්‍රතිලාභය + විදේශ ප‍්‍රතිකාර

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.