සොෆ්ට්ලොජික් ලයිෆ් නිදහස් වාරික සැලසුම

සොෆ්ට්ලොජික් ලයිෆ් නිදහස් වාරික සැලසුම යනු රක්ෂණ ඔප්පුවේ කාල සීමාව අවසානයේදී සම්පූර්ණ වාරික මුදල ආපසු ලබා දීම සහතික කරන සැලසුමක් වන අතර එහිදී අවුරුදු 5ක අවම කාල සීමාවක සිට උපරිමය අවුරුදු 30ක කාල සීමාව සඳහා රක්ෂණාවරණ ප‍්‍රතිලාභය ලබා දීම සිදු කරයි.

පාරිභෝගිකයාට ‘’වාරික ගෙවීමේ කාල සීමාව” තෝරා ගත හැකි අතර එහිදී නිශ්චිත ‘‘රක්ෂණ ඔප්පුවේ කාල සීමාව” වෙනම එකක් ලෙස ක‍්‍රියාත්මක වේ. එමෙන්ම වාරික ගෙවීමේ කාල සීමාව අවසන් වූ පසුව වුව ද රක්ෂණාවරණය කල් පිරෙන තෙක් පවතිනු ඇත. 

මෙම සැලසුම සමඟ පහත සඳහන් අතිරේක (rider) ආවරණ පිරිනමයි,

  • හදිසි මරණ ප‍්‍රතිලාභය
  • පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභය
  • සදාකාලික අර්ධ අබලතා ප‍්‍රතිලාභය
  • අසාධ්‍ය රෝග සුපිරි ආවරණය (රෝගාබාධයන් 36ක් ආවරණය කරයි)
  • කලත‍්‍රයාට වැළදෙන අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය (රෝගාබාධයන් 36ක් ආවරණය කරයි)
  • කලත‍්‍රයා ආවරණ ප‍්‍රතිලාභය
  • අවමංගල්‍ය වියදම් ප‍්‍රතිලාභය
  • වාරික ආරක්ෂණ ප‍්‍රතිලාභය
  • රෝහල්ගත කිරීමකදී ප‍්‍රතිලාභය
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය + විදේශයකදී රෝග ප‍්‍රතිකාර
  • ප‍්‍රධාන සෞඛ්‍ය ප‍්‍රතිලාභය
  • පූර්ණ හා සාදාකාලික අබලතාවයකදී පවුලේ ආදාය මත ප‍්‍රතිලාභය
  • මරණයකදී පවුලේ ආදායම මත ප‍්‍රතිලාභය
    • ඇතුළත් වීමේ අවම වයස අවුරුදු 18 (නිවැරදි වයස).
    • ඇතුළත් වීමේ උපරිම වයස අවුරුදු 65 (ආසන්නතම උපන්දිනයට වයස)
    • රක්ෂණාවරණය අවසන් වන වයස අවුරුදු 70 (ආසන්නතම උපන්දිනයට වයස)

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.