සොෆ්ට්ලොජික් ලයිෆ් පවුල් ජීවිත රක්ෂණ සැලසුම

සොෆ්ට්ලොජික් ලයිෆ් පවුල් ජීවිත රක්ෂණ සැලසුම යනු රක්ෂණ ඔප්පුවේ කාල සීමාව තුළ ජීවිත ආවරණයක් හෝ රක්ෂණ ඔප්පුව කල්පිරීමේදී ආපසු පැවරීමේ පදනම මත සෑම වසරකම ප‍්‍රකාශයට පත් කරන ලද ප‍්‍රසාද දීමනා සමඟ එකවර ගෙවනු ලබන endowment සැලසුමකි.

රක්ෂණ ඔප්පුවේ කාල සීමාව අවුරුදු 5 සිට 40 දක්වා වෙනස් වේ. වසර 10 කට වඩා වැඩි කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වන රක්ෂණ ප‍්‍රතිපත්ති සඳහා අතිරේක බෝනස් දීමනාවක් ගෙවනු ලැබේ.

මාසික, කාර්තුමය, අර්ධ වාර්ෂික සහ වාර්ෂික වශයෙන් නිත්‍ය වරින් වර සිදු කරන ගෙවීම් මෙම රක්ෂණ ප‍්‍රතිපත්තිය යටතේ අදාළ වේ.

  • ඇතුළත් වීමේ අවම වයස අවුරුදු 18 (නිවැරදි උපන් දිනය)
  • ඇතුළත් වීමේ උපරිම වයස අවුරුදු 65 (ආසන්නතම උපන්දිනයට වයස)
  • රක්ෂණාවරණය අවසන් වන වයස අවුරුදු 70 (ආසන්නතම උපන්දිනයට වයස)

සොෆ්ට්ලොජික් ලයිෆ් පවුල් සැලසුම රක්ෂණ ඔප්පුව කල්පිරීමෙන් පසු වයස අවුරුදු 70 සම්පූර්ණ වන තෙක් වසර 10 ක් සඳහා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් ලබා දෙයි.


පහත දැක්වෙන පරිදි පාරිභෝගිකයාගේ රක්ෂණ අවශ්‍යතා අනුව විවිධ රසාැරි එකතු කිරීමෙන් මෙම රක්ෂණ සැලසුම සකස් කළ හැකිය;

  • අමතර ජීවිත ප‍්‍රතිලාභය
  • හදිසි මරණ ප‍්‍රතිලාභය
  • පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභ
  • සදාකාලික අර්ධ අබලතා ප‍්‍රතිලාභය
  • අසාධ්‍ය රෝග සුපිරි ආවරණයක් (රෝගාබාධයන් 36ක් ආවරණය කරයි)
  • කලත‍්‍රයාට වැළඳෙන අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභය (රෝගාබාධයන් 36ක් ආවරණය කරයි)
  • කලත‍්‍රයා ආවරණ ප‍්‍රතිලාභය
  • අවමංගල්‍ය වියදම් ප‍්‍රතිලාභය
  • වාරික ආරක්ෂණ ප‍්‍රතිලාභය
  • රෝහල්ගත කිරීමකදී ප‍්‍රතිලාභය
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය
  • පවුල් සෞඛ්‍ය සුපිරි ප‍්‍රතිලාභය + විදේශ සෞඛ්‍ය ප‍්‍රතිලාභය 
  • ප‍්‍රධාන සෞඛ්‍ය ප‍්‍රතිලාභය
  • පූර්ණ හා සදාකාලික අබලතාවකදී පවුලේ ආදායම මත ප‍්‍රතිලාභය
  • මරණයකදී පවුලේ ආදායම මත ප‍්‍රතිලාභය
  • වාර්ෂික වර්ධන ප‍්‍රතිලාභය

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.